ශ්‍රී ලංකා කොටියා (Panthera pardus kotiya) [English: Sri Lankan leopard] යනු ශ්‍රී ලංකාව තුල වාසය කරන කොටි විශේෂයි.
මෙම සත්ත්වයා දිවියා යනුවෙන් ඇතැම් අවස්ථාවල වැරදියට හඳුන්වා ඇත. එසේම කොටියා යනු ඉංග්‍රීසි භාෂාවෙන් Tiger යනුවෙන් හඳුන්වන සත්ත්වයාද නොවේ. ඉංග්‍රීසි භාෂාවෙන් Tiger යනුවෙන් හඳුන්වන සත්ත්වයා ව්‍යාඝ්‍රයා ලෙසත් Sri Lankan leopard යන සත්ත්වයා ශ්‍රී ලංකා කොටියා ලෙසත් හැඳින්වීම නිවැරදි වේ. දිවියා යන වචනය කොටියාට වඩා කුඩා බළල් පවුලට අයත් සතුන් සදහා භාවිතා වේ. උදා: හඳුන් දිවියා, කොළ දිවියා.
මේ වැරදි ව්‍යවහාරය 1980 දශකයේ අග භාගයේ සහ 1990 මුල භාගයේ "LTTE" සංවිධානයේ ක්‍රියාකාරිතවත් සමග සමාජ ගත වී ඇත. එම සංවිධානය විසින් තමාගෙ ලාංඡනය ලෙස භාවිතා කරේ ව්‍යාඝ්‍රයෙක් වන අතර "Liberation Tigers of Tamil Elam" ලෙස හඳුන්වන ලදී. මෙය "දෙමළ ඊළාම් විමුක්ති කොටිසංවිධානය" වැරදි ලෙස සිංහලට පරිවර්තනය කර ඇති අතර ඉන් පසු එය නිතර කියැවෙන යෙදුමක් බවට පත්විය.
පුරාණ ප්‍රස්ථාව පිරුළක් වන "කැළේ මාරු වුනත් කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැත" යන්න නිවැරදි සිංහල ව්‍යවහාරයට අනුව කොටියා සතුව පවතින්නේ පුල්ලි බවත් ඉරි පවතින්නේ ව්‍යාඝ්‍රයාට බවත් තහවුරු කරයි. එසේම "කොටි වලිගය අල්ලගත්ත වගේ" ප්‍රස්ථාව පිරුළ සහ "කොටියාකුඹුර" වැනි ස්ථාන නාම කීපයක්ම සිංහල ජන වහරේ පැවතීම අනුව කොටියා යනු ශ්‍රී ලංකාව තුල වාසය කරන සත්ත්වයෙක් බව පැහැදිලි වේ.
"Panthera pardus kotiya" යන නාමය ශ්‍රී ලංකාව තුල වෙසෙන උප විශේෂයේ විද්‍යාත්මක නාමය වේ. මෙය 1956 වසරේදී පී.ඊ.පී. දැරණියගලමහතා විසින් යොදන ලදී. ඒ මහතා විද්‍යාත්මක නාමයට "කොටියා[kotiya]" යන්න යෙදීම මගින්ද ද මෙම සත්ත්වයාගේ නිවැරදි නම කොටියා යන්න තහවුරු වේ.